Sunday, April 1, 2018

පැසිපන්දු ගැට්ට...



නිරතුරු හැමදේටම ලඟ සිටිනා
වනිතා කටයුතු පිළිබඳ සොයනා
මහ අන්තරයට යටවී සිටිනා
යොහාන් තමා කාගෙත් ෆාමසියා

හයයි දෙකයි පොල් ගස වගේ පේනා
අඩියක් දෙකක් උඩ පැනගන්නට බැරුවා
ලපටි හිනාවෙන් දුටුවන් රවටවනා
ඩමියාගෙන් සැමට උදව් ලැබෙනා

හිතින් හොඳයි අපෙ දොස්තර මහතා
කෑම බීම සමගින් හොඳ හිත් නැතිවා
බිත්තර රොටි පත්තු දෙකක් ගිල දැම්මා
උමතු ඩොකා විලසින් නම් ලද අපේ දුසා

තඩි කලයක් වගෙ බඩ මහතට පේනා
වටේ පිටේ සිටිනා කොල්ලන් තලනා
හාෆ් එකෙන් ෆවුල් පහට වග කියනා
සුදෝ සුදුයි කිරි බංඩියා අපෙ නුවනා

මුදු මුදු කොන්ඩෙ දුටුවන්ගේ සිත් ගන්නා
දකුණු අතින් පමණක් ලේ අප් දමනා
මැච් ගසනට කලියෙන් ගොස් බොග දමනා
සුරේන් තමයි අපි කාගෙත් මිතුරා

කලු පාටයි ඇඟ පත නම් මී හරකා
උනාට හිත ඇතුලින් පොඩිම එකා
ඉන්ජරි ඇතත් සියල්ල පසෙක දමා
ලකා තමා අපෙ කෝට් එකේ උනන්දුවා

දස්කම් සමග විස්කම් නිතරින් පානා
කෙලිලොල් කමින් අගතැන්පත් වූම එකා
ඇතිමුත් එමට එකිනෙක හා ගෙතුන කතා
යහලුවො ටික කට ඇරියොත් නැත චරියා

කෙට්ටුයි හැබැයි හැටි වැඩකුත් නැතිවා
යන යන තැනක කැමරාවක් උස්සන් යනවා
හිතුන වෙලාවට කවි පද දෙක තුන ලියනා
මම වෙමි තෙස්සා මේ කවි ලියු කවියා