Sunday, September 15, 2013

අපේ පළමු පොත් සල්පිල් (දන්සැල්) වන්දනාව...

           ඊයේ කොළඹ පොත් සල්පිල ආරම්භ වුනා.....අපායට ගියත් මුලින්ම යන්න ඕන කියන නිසා මමත් ඊයෙම ගියා ඒ පැත්තට ඔලුව දාල එන්න... මේ සැරේ නම් ගියේ පොත් දෙක තුනක් මිල දීලම ගන්නවා කියල හිතාගෙන...(කලින් ගියපු වතාවල් වල පොත් ගත්තේ කොහොමද කියල තේරෙනවා ඇතිනේ...) කොහොම හරි මෙදා සැරේ පොත් පහක් විතර මිලදී ගත්තා...මුලින්ම ඒක පුද්ගල ලෙස පොත් අරගෙන ඉවර වෙලා අන්තිමට දුලියත් එක්ක හවුල් සමාගමක් දාලත් පොත් ගත්තා...කොහොම උනත් මේ post එක ලියවෙන්නේ මෙදා සැරේ පොත් සල්පිල වෙනුවෙන් නම් නෙවෙයි...2007 අවුරුද්දේ පොත් සල්පිලට ගිය ගමන ගැන...


මේ සැරේ මිල දීලම ගත්ත පොත්...
           2007 අවුරුද්ද කියන්නේ අපි සා/පෙ ලියන අවුරුද්ද...ඒ කාලේ අපේ කට්ටිය පන්තියේ හැඳින්වුනේ Dancing කල්ලිය කියලා...(ඒ අපි set එක නර්තන කවයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කරපු නිසා...) දවස ගැන කියනවානම් සැප්තැම්බර් 13 හෝ 20...(බ්‍රහස්පතින්දා දවසක් කියලා විතරයි මතක..) ඒ කාලේ දින වකවානු මතක කට්ටියට මතක ඇති ඔය දවස් දෙකෙන් එකක ගුරුවරුන්ගේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් තිබුනා...ඒක වෙස් වලාගත් ආශිර්වාදයක් කර ගත්ත අපේ set එකගුරුවරුන්ගේ වැඩ වර්ජනේ අසාර්ථක වෙන්නත් එක්ක කියලා Book Fair යන්න කතා කරගත්තා...Book Fair විතරක්ම නෙවෙයි...හරියටම කිව්වොත් ඒ දවස් වල film hall වල පෙන්නපු සිකුරු හතේ චිත්‍රපටියත් බලලා ඊට පස්සේ Book Fair යන්න...

           කොහොමහරි එදා දවසේ උදේ 9ට විතර අපේ කට්ටිය සෙට් උනා...හිටපු කට්ටිය කියනවානම් මම, කාංචන, තිමිත, ළහිරු, ප්‍රභාත්, පසන් සහ සචිත්...(තව කට්ටිය ආවද කියලානම් මතක නෑ...ඇවිත් නම නැති අය මට සමාවේවා.. :D ).රාජගිරියේ ඉම්පාලා hall එකට ගිහින් අපේ කට්ටිය හරි බරි ගැහිලා 10.30 දර්ශනේ බලන්න ඉඳගත්තා...දවසේ පලවෙනි දර්ශනේ නිසාද මංදා වැඩි සෙනගක් නම් හිටියේ නෑ...අපි කට්ටිය නැතුව හිටපු ප්‍රේක්ෂකයන්ගෙන් බහුතරයක් තරුණ ජෝඩු බව නම් කියන්න ඕනා... ;)
film එක පටන් ගන්න කලින් ඊළඟට එන්න තියෙන film වල trailers එහෙම පෙන්නනවානේ...මේකෙත් එහෙම trailers දෙකක්ම පෙන්නුවා...ඒ "ආසයි මං පියාඹන්න" සහ "ලීඩර්" කියන film දෙකේ trailers..
trailers දෙකම බලලා ඉවර වෙලා අපේ එකෙක් මෙහෙම කියනවා...

"මචං...උඹලට හිතෙන්නේ නැද්ද නිකං film දෙකේ trailers දෙක මාරු වෙලා වගේ කියලා...ඇයි බං අර "ලීඩර්" කියලා පෙන්නපු trailer එකේනේ වැඩිහරියක් ඉගිල්ලෙන සීන් තියෙන්නේ..."

            ඒක අහපු අපේ කට්ටියට විතරක් නෙමේ පිටිපස්සේ හිටපු කට්ටියත් හිනාගියා...එතනින් ඉල ඇදෙන්නම හිනාවෙන්න පටන් ගත්ත් අපි හිනාව නැවත්තුවේ film එකේ අවසානයත් එක්කම තමා...

           එතනින් පිටත් උන අපි BMICH එකට ඇවිත් පොත් සල්පිලේ පොත් නරඹන්න ගත්තා...ඒ කාලේ අපිට සා/පෙ නිසා අපේ දෙතුන් දෙනෙක් ප්‍රශ්නෝත්තර පොත් කීපයක් මිලදීගත්තා...ඔන්න එතනින් එහාට තමයි අපේ සෙට් එකට දන්සැල් මාර්ගයෙන් පොත් ලැබෙන්න ගත්තේ...දන්සැල් වැන්දේ කොහොමද කියන එක කියන එක හරි නෑනේ..ඒ දවස් වල ඒ වගේ දන්සැල් වැඩ හොඳහැටි පුරුදු නිසා කිසි ගාණක් නැතුව වැඩේ ගියා...
ඒ අස්සේ ලහිරුවයි සචිතයයි සල්ලි දීලා ගත්ත පොඩි පොත් දෙකක් දන්සැලෙන් ගත්ත කියලා බර බරයක් ආවා...ඒත් ඒ පොත් වල බිල් පෙන්නලා වැඩේ ශේප් කර ගත්තා... 
එතැනින් දන්සැල් වැඳිල්ල අහවර කරපු අපි එලියට ඇවිත් පොඩි පසුවිපරමක යෙදුනා...කොහොම නමුත් කාටවත් දන්සැල් වැඳිල්ලෙන් පාඩුවක්වත් හානියක්වත් වෙලා තිබුනේ නෑ...

මේ මගේ පසු විපරුම් සටහන.....

මිලදී ගත් පොත් : 
              අභිරහස් දොස්තර - ෂර්ලොක් හෝම්ස් (කියෙව්වට පස්සේ හිතුනා අපරාදේ මිලදී ගත්තේ කියලා...)

දන්සැලෙන් ලැබුනු පොත් : 
              ලෝහිත පරීක්ෂණය
              මළගිය ඇත්තෝ සාක්කි දෙති
              කළු ව්‍යාග්‍රයා
              බිහිසුණු නිම්නය
              නර්තනය (10-11 ශ්‍රේණි)
              භූ ගෝලය
              ඉලෙක්ට්‍රොනික විද්‍යාව

පසු සටහන:
මේ post එක ලියැවුනේ මීට අවුරුදු හයකට කලින් අපි ගෙවපු කෙළිලොල් ජීවිතේ තවත් එක දඟකාරකමක් සැමදා මතකයේ තියාගන්න විතරයි...
කොහොම උනත් දන්සැල් වැඳපු එකේ අනිටු ඵල මට ලැබෙන්න වැඩිකල් ගියේ නෑ...සා/පෙ ප්‍රතිඵල එනකොටම ඒවා ලැබුනා...ඒ නර්තනයට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට "බී" සාමර්ථ ලෙස...(ඒ අස්සේම දන්සැලෙන් ලැබුනු භූ ගෝලයට "ඒ" සාමර්ථයක් හා මාත් එක්කම එකට නර්තනය පොත දන්සැලෙන් ගත්ත කාංචනයට නර්තනයට ලකුණු 98ක් ලැබුනේ කොහොමද කියන්න එක පව් පින් අනුව පැහදිලි කරන්න නම් නොතේරෙයි...)

9 comments:

  1. මේවා අමතක වෙනවද බොල ජීවිතේට... :D
    කොහොම උනත් නැවත මතක් කරල දුන්නට ස්තුතීයි.
    අපි 6 වසරෙ ඉඳලම නැටුවට පිටු 40 පොතක් තරම් වත් නෝට්ස් ලියල නැති නිසා දෙයියො අපිට අනුකම්පා කොරන්ට ඇති බං... :P
    කොහොම උනත් උඹ ඔය කියපු දන්සැලෙන් ගත්ත පොතක් බලලා පඩම් කොරලා O/L වල නැටුම් වලට section prize එකත් මං ගත්ත නෙව... ;)
    අනිත් උන්ටත් වැරදුනේ නෑ... :P :D
    මෙන්න මෙහෙම ඉඳල හිටලවත් මේ උලව්ව ලියපිය අපිට කියවන්ට (y)

    ReplyDelete
    Replies
    1. බුහා.හහ් හහ් හහ් හා.....

      Delete
    2. හික් හික්...
      බලමු බලමු...තව මොනව හරි ලියලා දාන්න...

      Delete
    3. මං පිටු 400 පොතක් ගත්තා 6 වසරේදී...O/L ඉවර වෙනකනුත් පිටු 50කට 60කට වඩා ලියල තිබ්බේ නෑ bung.....

      Delete
    4. හහා හා.... පිටු 400 පොතක්...???
      ඇඬෙනවා...

      Delete
  2. ආ මග කෙටියි... යා යුතු මග දුරයි..
    මේ පටන් ගත්තා විතරයි දෙව්පුර(සකා).. තව ඕනේ.. ගුඩ් ලක්

    ReplyDelete
    Replies
    1. හෙහේ...එහෙනම් උඹ මට නමකුත් දැම්මානේ සුදා...
      බලමුකෝ...කම්මැලි නැති උනොත් ලියන්නම්...

      Delete
  3. හී හී හී .....අපේ විනුවත් අවා දනුකයත් අවා...විනුවව එකාගෙන ගියා කියල තමයි මායි දනුකයයි හොදටම උන්ගේ ගෙදරින් බැනුම් ඇහුවේ....හොද වෙලාවට සල්ලි දීල ගත්ත පොත් 2ක්වත් තිබ්බේ නේද මචෝ නැත්නම් ගස් තමයි...:P

    ReplyDelete
    Replies
    1. හෙහේ..අනිවා මචං... එල එල මතක් කලාට...
      ඒත් උඹලා විනුවගේ ගෙදරින් බැනුම් ඇහුවේ දැයට කිරුල බලන්න ගිහින් නෙවෙයිද..???

      Delete