රට වටේ රවුම් ගගහා හිටපු මාව අපෙ තාත්තා රස්සාවකට පංගරාත්තු කලේ රස්සාව නිසාවත් මම එක තැනකට වෙලා ඉඳී කියල හිතලා වෙන්න ඇති....ඒත් මට ලැබුණු රස්සාව මටම ගැලපෙන රස්සාවක්...සම්මුඛ පරීක්ෂණයෙදිත් මුලින්ම ඇහුවේ....
මේකෙදි ලංකාව වටේම යන්න වෙනවා...දවස් තුන, හතර එක දිගට ගෙදරින් පිට ඉන්න වෙනවා...ඒකට කැමතිද??? කියලා...ඉබ්බා දියට දැම්මහම ඇන්නෑවේ කියන්නා සේ මමත් ගත්කටටම හා කිව්වා...
මේ රස්සාව නිසා මම ජීවිතේ කියනදේ කොච්චර අස්ථිරද කියලා තේරුම් ගත්තා...දවස් ගණන්, මාස ගණන් වයස පොඩි ළමයි මැරෙන හැටි දැක්කා...අවුරුදු එකොළහක පොඩි එකෙක්ගේ හුස්ම යන හැටි දැක්කා...ඒ වගේමයි පණ යන්න ඔන්න මෙන්න ඉන්න ලෙඩ්ඩු වෛද්‍ය සේවයට හා හෙද සේවයට පිං සිද්ද වෙන්න ආයෙත් ගොඩ යන විදිහ දැක්කා...ඒ වගේමයි අවුරුද්දකට කිට්ටු කාලයක් එක දිගට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙකුත් දැක්කා.....
ඒ වගේමයි මෙතෙක් කල් පය නොතියා තිබුනු දිස්ත්‍රික්ක කීපයක ඇවිදලා මගේ විනෝදාංශය වන ඡායාරූපකරණයේ යෙදෙන්නත් අවස්ථාව උදා වුනා...( හෙහේ.... කොටින්ම කිව්වොත් කෑමට පෙර අත් හෝදන්නත් පුරුදු වුනේ මේ රස්සාව නිසා... )
අවුරුදු විස්සක කොල්ලෙක් විදියට මම් මේ රැකියාව ගැන බොහෝම තෘප්තිමත්...මම මේ රස්සාව නිසා ජීවිතේ විඳිනවා කියලා මට හිතෙනවා...ඇත්තම කිව්වොත් මම මේ රස්සාව හඳුන්වන්නේ සංචාරකයෙකුට ලැබුණු සංචාරක රැකියාවක් හැටියට....
a aaaaaaaaaaaa ehenam oya rassawe mama innawa.neh
ReplyDelete