ප්‍රමාදව ඇහැරුණු කලට
කඩි මුඩියේ හැඳ පැළඳගෙන
දේශනවලට අත්සන ගසන්නට
දිව ආවා සරසවි භූමියට
පමාවී පැමිණි වරදට
අහිමි වුනා සුපුරුදු පෝලිමම
ඉදිරිපෙලට ඇති අකමැත්තට
තැග් ගැහුනා පිටුපස පෝලිමක
නියමිත කලට පැමින ඔඩියට
සීදේවිය ඇරඹුවා ඒකජ වීජය
පසුපෙළ ළමුන් වැඩියැයි සිතුනෙන් ඇයට
ගත්තා නොවෙද අපි සෙට් එක ඉදිරියට
හැඳි කමිසය අලවමින් පිටට
ගතෙහි වගුරමින් දහදිය හොඳට
අවසිහියෙන් වගේ හුන් තැනෙනුත් නැගිට
මතකයි ගියා අපි කට්ටිය ඉදිරියට
පෙර කිසි දිනක සිදු නොවූ ලෙසට
නිදි නැති දේශනයක් ගෙවුනි එලෙසට
පසුපස පේළියෙන් නියමිත බිහිවන්ට
බුද්ධිමතෙකු නැති වූයේ එතැන් සිට
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද අසංෂිප්ත පැදි කීපයකි..
අඩේ මල්ලි උඹට කවි ලියන්නත් පුලුවන් නෙ! එල එල 26 වෙනිද හිටිවන කවි කියමුකො එහෙනන්
ReplyDeleteඅනේ මේ...සෙද්දක් කරන්න ලේස්ති වෙන්න එපා හිරණ්‍ය අයියේ...
Delete"පසුපස පේළියෙන් නියමිත බිහිවන්ට
ReplyDeleteබුද්ධිමතෙකු නැති වූයේ එතැන් සිට"
This is the most interesting part.. :D