Thursday, March 22, 2018

අවසරයි සමුගන්න





දෙන්න අවසර මහට බැසයන්න
ඔබේ ආදර රඟමඩුල්ලෙන්...

ලොවෙන් ගෙදරින් පවා විසිවුණු..
ඔබේ විතරක් හිතට ඈඳුණු..
මගේ පපුවෙහි තදට ගුලිවුණු..
ආදරේ ගෙන අවසරයි පිටව යනු..

අඩසිය මසක් මහට සවි දුනු..
ඔබේ හිත නැත පසුව මින්මතු..
කෙලෙස මා එය දරා සිට ගනු..
තනිව යන්නෙමි ගමන යායුතු..

මගේ විදියට ප්‍රේම කල මුදු..
නැතිය ඔබහට රිසිසේ පෑහුණු..
වෙනත්කෙනෙකුට පෙම පිදූ පසු..
බැසයාම මිස කුමක් කල යුතු..

මගෙ මුවින් කිව් ආදරෙයි සුදු..
ආයේ කෙලෙසක කියනෙම්ද මතු..
වෛර නොකරමි කියා සිතුමුදු..
රහත් නැත මගෙ සිතද තවමදු..

ගියත් ඔබ මා අතැර මින්පසු..
ලුහුබඳී හිත තවම ඔබ පසු..
ජීවිතේ යලි මුණ ගැසෙන තුරු..
ආයුබෝවන් මගෙ කුමරියේ සුදු..

No comments:

Post a Comment